ජනතාවට දැනෙන්න ලිට්රෝ ගෑස් මිල පහළ යයි

 

විටින් විට ලෝක වෙළඳපොලේ සිද්ධ වෙන මිල උච්ඡාවචනයන්ට අනුව ලංකාවේ ගෑස් සපයන ප්‍රමුඛයා වන ලිට්රෝ  ගෑස් සමාගමත් තමන්ගෙ මිල ගණන් සංශෝධනය කිරීම සිදුකළා. ඔවුන් සෑම අවස්ථාවකදීම ජනතාවට වාසි සහගත වන ලෙස තමයි මේ මිල සූත්‍රය හැසිරවීම සිදු කරන්නේ.

ඒ අනුව මැයි මාසයට අදාළ ලිට්රෝ ගෑස් මිල ගණන් පිළිබඳව සුවිශේෂී ප්‍රකාශයක් ලිට්රෝ සභාපති  ගරු මුදිත පීරිස් මහතා විසින් අද දින ප්‍රකාශයට පත් කළා.  එකී ප්‍රකාශයට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්රෝ  සමාගම සූදානම්.

ඒ අනුව 12.5kg ගෑස් සිලින්ඩරයක මිල රු. 175කින් පහළ යන අතර එහි නව මිල රු.3940.00  දක්වා පහත යයි.

ඊට අමතරව 5kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් පහළ යන අතර එහි නව මිල  රුපියල් 1582ක් ලෙස සඳහන්වේ.

ඒ වගේම 2.3kg  ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 32කින් පහළ යන අතර එහි නව මිල රුපියල් 740 ක් ලෙස සඳහන් වේ.

ජනතාවට වඩා සුරක්ෂිත සේවාවක් ලබාදීම ඔවුන්ගේ මූලික අරමුණ බව අවසානයේ ලිට්රෝ  සභාපති ගරු මුදිත පීරිස් මහතා සඳහන් කළේය.

අවුරුදු සමයේ පාරිභෝගිකයන්ට වාසි වන විදිහට ලිට්රෝ ගෑස් මිලේ සිදුවූ වෙනස

අවුරුදු කාලසීමාවේදී ලිට්රෝ  පාරිභෝගිකයන් උදෙසා ලිට්රෝ  සමාගම අපූරු සහනයක් හඳුන්වා දුන්නා. ලිට්රෝ  ගෑස් සිලින්ඩරයක මිල පහල දැමීමට.ඔවුන් තීරණය කළ බවට නිල වශයෙන් අද දින දැනුම් දුන්නා.

එහි සභාපති ගරු මුදිත පිරිස් මහතා සඳහන් කළේ 12.5kg  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 135කින්ද 5kg ගෑස් සිලින්ඩරයක මිල  රුපියල් 55කින්ද  2.3kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 23කින්ද අඩු කිරීමට ඔවුන් තීරණය ගත් බවයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4115 ක් වන අතර  කිලෝ ග්‍රෑම් 5ක සිලින්ඩරයක නව මිල රුපියල් 1652 වන විට කිලෝග්‍රෑම් 2.5 සිලින්ඩරයක නව මිල රුපියල් 72ක් දක්වා වෙනස් වේ

ලිට්රෝ ගෑස් ලංකා සමාගම හොර පාරෙන් පුද්ගලීකරණයට සැරසේ - ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුවෙන් චෝදනා,

 ලිට්රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධව 2024 පෙබරවාරි මස 06 වන දින මුදල් අමාත්‍යංශයේදී කරන ලද සාකච්ඡාවේදී මෙම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය 2025 ජනවාරි මාසය තෙක් කල් තැබිය යුතු බව තීරණය විය. 

මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් අතර පැවැත්වූ මෙම සකච්ච්චාවේදී එම ප්‍රතිව්‍යුහගත කිරීම කල් තැබීම සම්බන්ධව ක්‍රියාත්මක වන ලෙස රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ  අධ්‍යක්ෂක ජනරාල් පී.ඒ.එස් අතුල කුමාර මහතා විසින් 2024 මාර්තු 11 වන දින රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව වෙත යොමු අංක PED/S /SOEs RU/5/16 යටතේ ලිපියක් යොමු කොට ඇත.

අධ්‍යක්ෂක ජනරාල් වරයාගේ මෙම ලිපිය මේ වන විට රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව මඟින් ක්‍රියාත්මක  කොට නැත. මෙම කමිටුව එම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය නොකඩවා ඉදිරියට ගෙන යාම සිදු කරනු ලබන අතර  2024 මාර්තු 15 දින ලිට්රෝ ගෑස් ලංකා සමාගම  ප්‍රතිව්‍යුහගත කිරීමේ ආයෝජකයින් කැඳවීම නොකඩවා ක්‍රියාත්මක කොට ඇත.

මෙම රාජ්‍ය  ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවේ අත්තනෝමතික ක්‍රියාවලිය සිදු කරනු ලබන්නේ කුමන කණ්ඩායමකගේ අවශ්‍යතාවයකටද යන්න ලිට්රෝ සුරැකීමේ සංවිධානය විමසනු ලබයි. මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේදී ගන්නා ලද එකඟතා තීරණයන් බල රහිත කිරීමට රාජ්‍ය  ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට ඇති නෛතික අයිතිය පිළිගත නොහැක. මෙම කරුණ සම්බන්ධව ලිට්රෝ සුරැකීමේ සංවිධානය විසින් ඔබ පාර්ශවයන්ගේ මැදිහත්වීම අපේක්ෂා කොට මෙම ජාතික සම්පත ආරක්ෂා කිරීමට මැදිහත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.




ටෙන්ඩර් භාර ගැනීම අවසන් වේ.ලිට්රෝ එකමුතුවෙන් චෝදනාවක්

 

ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ලබන වසර (2025) දක්වා කල්දමන්නේ යැයි රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව ලිඛිතව දැනුම්දී තිබියදී රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුව එය නොසළකා හරිමින් ආයෝජකයන් කැඳවීම අඛණ්ඩව කරන බවට ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව චෝදනා කරයි.

මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමඟ පසුගිය මස පැවැති සාකච්ඡාවේදී ලිට්‍රෝ ප්‍රතිව්‍යුහගතකරණ ලබන වසර දක්වා කල්දැමීමට ඒකමතිකව තීරණය කළ බවත් ඒ අනුව රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙම මස 11 වැනිදා එම තීරණය ලිඛිතව රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට දැනුම් දුන් බවත් එම එකමුතුව කීය.

මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේදී ගත් තීරණයක් බල රහිත කිරීමට රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටුවට බලයක් ඇද්දැයි පිළිගත නොහැකි බව ද ලිට්‍රෝ සුරැකීමේ ජාතික එකමුතුව වැඩි දුරටත් සඳහන් කරයි.

ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් හි 99.936% ක කොටස් හිමිකාරීත්වය සහ ලිට්‍රෝ ගෑස් ටර්මිනල් ලංකා (පුද්) සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වය ශ්‍රී ලංකා රජය සතුව පවතින අතර එම සමාගම්වල සම්පූර්ණ කොටස් අයිතිය හෝ බහුතර කොටස් අයිතිය විකිණීම සඳහා ටෙන්ඩර් බාර ගැනීම පසුගියදා අවසන්විය.

එහිදී පහත සඳහන් සමාගම් මිල ගණන් ඉදිරිපත් කර තිබිණ.

1) EpDeSa PTE Ltd (Singapore)

2) Bharat Petroleum (India)

3) AyGaz (Turkey)

4) Siam Gas (Thailand)

5) BGN DMCC (UAE)

6) Confidence Petroleum (India)

7) OQ Trading (UAE/ Oman)

8) Tristar Group (UAE)

9) LAUGFS Gas PLC (Sri Lanka)

10) United Petroleum Holdings (Malaysia)

11) Vitol Asia PTE Ltd (Singapore) - Netherlands/Switzerland

12) Infinity NGC/Holdings (Mauritius)

13) China National Aero-Technology international engineering Corporation (China)

14) Consulting Engineers and Contracting Pvt Ltd -CEC (Sri Lanka)

අමාත්‍ය සරත් වීරසේකර විසින් අබලන් වූ කොලොන්නාව මහල් නිවාසය වෙනුවට ජනතාවට නව නිවාස

 


වසර ගණනාවක් තිස්සේ  දැඩි ලෙස අබලන් ව පැවති කොලොන්නාව "මජිඩ් මහල් " නිවාස  පසුගිය මහ මැතිවරණයේදී  මහතාගේ නිරීක්ෂණයට ලක්වූනු අතර ,  පදිංචිකරුවන් ගේ  එකම ඉල්ලීම වූයේ එම නිවාස ඉතා අනාරක්ෂිත බැවින් නව නිවාස ලබා දෙන ලෙසයි.  


ඒ අනූව ඔහු කළ ඉල්ලීම මත හිටපු ජනාධිපතිතුමා , පදිංචිකරුවන්  44 දෙනෙකු සඳහා නව නිවාස ලබාදීමට පොරොන්දු විය.


 එම පොරොන්දුවට අනුව පසුගිය දිනයේදී ,   අමාත්‍ය සරත් වීරසේකර මහතා විසින් එම නිවාස ලාභීන් සඳහා යතුරු ප්‍රදානය කිරීම  කොලොන්නාව නගර සභාවේදී සිදු කරන










The Triumphant Return of Basil Rajapaksa Sparks Excitement and Speculation

- Jihan Hameed- 
Basil Rajapaksa, the renowned political maestro, has  returned to the island nation today after a short vacation, generating great enthusiasm among his party loyalists. At the airport, a large number of people were witnessed eagerly receiving him, reflecting their unwavering support and anticipation.

Basil Rajapaksa is a prominent figure in Sri Lankan politics, representing the powerful SLPP party that backs President Ranil Wikramaainghe's caretaker government selectively. This government was formed in the wake of the sudden collapse of the previous SLPP administration under President Ghotabaya Rajapaksa.


With the upcoming presidential election on the horizon this year, Basil Rajapaksa's return has sparked speculation that the political landscape might shift further. He even speculates that parliamentary elections could precede the presidential election if political circumstances change significantly.


As the influential brother of former President Mahinda Rajapaksa, Basil Rajapaksa's return carries great weight in shaping the future of Sri Lankan politics. His presence alone has the potential to alter the course of the nation's political landscape.


As the days unfold, Sri Lanka eagerly awaits the impact Basil Rajapaksa will have on the political arena. With his proven mastery and indomitable spirit, he holds the potential to reshape the country's political landscape & revival of the economy,  as he sets out on his next journey in the realm of politics.


මාර්තු මස ලිට්රෝ ගෑස් සිලින්ඩරයක මිල වෙනස්වීම සම්බන්ධයෙන් පූර්ව දැනුම් දීමක්.

 


සමාගමේ ගරු සභාපති මුදිත පීරිස් මහතා කියන්නේ කලට වෙලාවට අවශ්‍ය කරන නිවැරදිම තීන්දු තීරණ ගන්නා නායකයෙක්.එනිසාම ඔහු ලෝක වෙළඳපළේ ගෑස් මිල ඉහල යන කාල සීමාවේදීත්, ලංකාවට සහනදායී ආකාරයෙන් තමයි ගෑස් මිල සංශෝධනය සිදු කළේ.

ඒ නිසාම පවතින ආර්ථික රටාවත් එක්ක ලිට්රෝ පාරිභෝගිකයන්ට සිය නිෂ්පාදන මිලදී ගැනීමට එතරම් අපහසු වුණේ නැහැ.හේතුව ලිට්රෝ  සමාගම මිල සූත්‍රයට අනුව නිසි කලට වෙලාවට  තීන්දු තීරණ ගැනීම නිසයි.

ලීටර් සමාගමේ දූරදර්ශී ක්‍රියා කලාපය නිසා මාර්තු මස ලෝක වෙළඳපළේ ගෑස් මිල නොවෙනස්ව පැවතීම හේතු කොටගෙන මිල සූත්‍රයට අනුව ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනයක් සිදු නොකිරීමට තීරණය කළ බවට නිල වශයෙන් නිවේදනය කර ඇත.

මේ අනුව 2024 වර්ෂයේ මාර්තු මසට අදාළව දැනට පවතින මිල ගණන් වලංගු වන බවත් දැනුම් දී ඇත.

ඒ අනුව,

12.5 kg මිල රු.4250.00

5kg මිල රු.1707.00 

2.3kg මිල රු.795.00

ලෙස පෙර පරිදිම පවතිනු ඇත.

DON'T MISS

Nature, Health, Fitness
© all rights reserved
made with by templateszoo