බෙල්මාෂර් බන්ධනාගාරයේ සිරගත වී සිටි විකිලීක්ස් - ජුලියන් අසාන්ජ්ව නිදොස් කොට නිදහස් කර ඇති බව විදෙස් ප්‍රවෘත්ති වාර්තා සඳහන් කරයි.
ඒ අනුව ඔවුන් එකඟ වූ කොන්දේසි කීපයක් මත අසාන්ජ්ට එම නිදහස හිමි වූ බවට වැඩිදුරටත් සඳහන් වේ.
2019 වසරේ අප්‍රේල් 11 වැනි දින ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ ඇමරිකානු රහස්‍ය ලේඛන හෙළිදරව් කිරීමේ චෝදනාවක් යටතේය.
ජුලියන් අසාන්ජ් මුහුණ දුන් මෙම අභියෝගාත්මක තත්ත්වය තුළින් මාධ්‍යවේදීන්ගේ භාවිතයන්හි සීමා මායම් සහ තොරතුරු හෙළි කරන්නන්ගේ (Whistleblower ) ආරක්ෂාව සම්බන්ධයෙන් නැවත වතාවක් සමාජය තුළ කතිකාවන් නිර්මාණය වී ඇත.ඒ තුළින් මහජන අවශ්‍යතා ඇති තොරතුරු හෙළි කිරීමට උත්සාහ කරන පුද්ගලයන් නිරන්තරයෙන්ම මුහුණ දෙන අභියෝග පිළිබඳව ද අවධානය යොමු වී ඇත.
Report by Idapz Correspondent


No comments
Post a Comment