ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති සහ ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයා අනුර කුමාර හමුවෙයි..

0

ශ්‍රී ලංකාවේ පලස්තින තානාපති ආචාර්ය සුහයිර් සයිඩ්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවිය.

ඒ, ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදීයි.

මෙහිදී තානාපතිවරයා ‍පලස්තීනයේ ගාසාහි සිදුවමෙින් පවතින අමානුෂික ඝාතනවලට එරෙහිව හඬ නැගීම වෙනුවෙන් සහ පලස්තීන සහයෝගීතාව වෙනුවෙන් ලබා දුන් සහයෝගයට අනුර කුමාර දිසානායක මහතාට ස්තූතිය පළ කර තිබේ.

මේ අතර අනුර කුමාර දිසානායක මහතා ආසියානු සංවර්ධන බැංකුවේ ශ්‍රී ලංකා නියෝජිත ටකාෆුමී කඩෝනෝ ඇතුළු නියෝජිත පිරිසක් ද හමු වුණි.

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ්‍රී ලංකාව තුළ කරගෙන යනු ලබන සංවර්ධන කටයුතු පිළිබඳව සමාලෝචනයක් සිදු කළ එම නියෝජිතයින් ඉදිරියට ද ශ්‍රී ලංකාවට ආධාර ලබා දීමට එම සංවිධානය තුළ වන සූදානම පිළිබඳව කරුණු පෙන්වා දී ඇත.




0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
LNN © all rights reserved
made with Peoples by LNN