ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්, පාරිභෝගිකයන් වෙනුවෙන් ලිට්රෝ ගෑස් මිලේ වැඩිවීමක් නෑ.

0


මාසික ගෑස් මිල සංශෝධනයට අනුව නොවැම්බර් මස ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම දන්වා සිටිනවා. එහි සභාපති චන්න ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මනා තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණ කටයුතු සාර්ථකව සිදු කල බැවින් සහන සැලසීමට හැකි වූ බවයි.

නොවැම්බර් මාසයේදී ජාත්‍යන්තරයේ LP ගෑස් මිල වැඩි වුවද පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.


ඒ අනුව ඔක්තෝබර් මාසයේ පැවති මිල ගණන් නොවැම්බර් මාසයටද අදාල වේ. 12.5kg සිලින්ඩරයක් රුපියල් 3690ක්, 5kg සිලින්ඩරයක් 1482ක්, 2.3kg සිලින්ඩරයක් 694ක් ලෙස මිල සටහන් වෙයි.




0

No comments

Post a Comment

both, mystorymag

DON'T MISS

Nature, Health, Fitness
LNN © all rights reserved
made with Peoples by LNN