ගින්නක් නොමැතිව සිදුවන ගෑස් කාන්දුවද ඉතා අවදානම් තත්ත්වයකි. කුස්සියෙන් පිටත කාමරවලට ද ගෑස් ගන්ධය දැනේ නම්, තත්ත්වය ඔබ දත යුතු ය.
ගින්නක් ඇතිවෙන්න අවශ්‍යතා තුනක් සම්පූර්ණ වෙන්න අවශ්‍යයි. 'ෆයර් ට්‍රයෑන්ගල්' (ගිනි ත්‍රිකෝණය)
1. ඔක්සිජන් ,
2. ඉන්ධනයක් ,
3. පුළිඟුවක්.
ගෑස් ගන්දයක් සමඟින් ලීක් එක්ක ඇතිවූ අවස්ථා වලදී, නිවාස ඇතුලේ අනිවාර්යෙන්ම ඔක්සිජන් තියෙනවා, ගෙයි ගෑස් පිරිලා තියෙනවා, ගිනි ත්‍රිකෝණය සම්පූර්ණ වෙන්න අඩුවෙන්නේ ස්පාක් එකක් විතරයි. ඒ නිසා ස්පක් එකක් (පුළිඟුවක්) ඇති නොවෙන්න කටයුතු කල යුතුයි.
ගෑස් ගන්ධයක් දැනුණු විට පුළිඟු ඇතිවීම වළකාලීම සඳහා ඔබ නොකළ යුතු දේ කීපයකි:
1. ගෑස් කාන්දුව තුළ ජංගම දුරකතන භාවිතය සපුරා තහනම් ය. ජංගම දුරකතනවල ටච් පෑඩය භාවිතා කළත්, බොත්තම් එබුවත්, එහි පරිපථ තුළ අපට නොපෙනෙන පුළිඟුවක් නිපදවේ. දුරකතනය තුළට ගෑස් ඇතුළුවී තිබුණහොත් ගිනි ත්‍රිකෝණය එතැනින් ඇරඹීමට ඉඩ තිබේ.
2. ප්‍රධාන ස්විචය ඇතුළු කිසිම අන්දමක විදුලි ස්විචයක් "ඕන්" කිරීමෙන් හෝ "ඕෆ්" කිරීමෙන් වැළකිය යුතු ය.
3. නිවෙසේ කුඩා දරුවන්, ගැබිණි කාන්තාවන්, ආබාධිත පුද්ගලයින් හෝ මහලු පුද්ගලයින් වෙසේ නම් ඔවුන් ගෑස් ගන්ධය නොදැනෙන සීමාවකට ගෙනගොස්, ගෑස් කාන්දුව ඇති ස්ථානයට යළි නොපැමිණෙන්නට වග බලාගත යුතු ය.
4. කිසිවෙකුගෙන් හෝ උදව් ලබාගැනීමට අවශ්‍ය නම් ගෑස් කාන්දුවෙන් ඈතට යෑමෙන් පසු පමණක් ඔබේ ජංගම දුරකතනය භාවිතා කළ යුතු ය.
5. ගෑස් කාන්දුව සහිත සීමාවේ ඇති යතුරුපැදි ද ඇතුළු කිසිදු වාහනයක් පණ ගැන්වීමෙන් වැළකිය යුතු ය.
6. දොර ජනෙල් ඉතා සෙමින් විවර කිරීමෙන් පසු පමණක් මුළුතැන්ගෙයට ගොස්, ගෑස් සිලින්ඩරය රේගියුලේටරයෙන් ඕෆ් කළ යුතු ය.
7. ගෑස් කාන්දුවක් වළකාගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ අපි සාමාන්‍යයෙන් විදුලි පහන් නිවා දමන්නා, දොර ජනෙල් වසා දමන්නා සේම, සෑම ආහාර වේලක් පිසීමෙන්ම අනතුරුව හෝ, අවම වශයෙන් රාත්‍රී ආහාර වේල පිසීමෙන් පසුව ගෑස් සිලින්ඩරය රේගියුලේටරයෙන් ඕෆ්කර දැමීමයි.
ආරක්ෂාකාරීව මනා දනුවත්විමකින් කටයුතු කිරීම තුලින් ඔබෙත් ලබැදියන්ගේත් ආරක්ෂාව සහතික කරගන්න.
No comments
Post a Comment