ගෑස් අර පිරිමැස්මෙන් භාවිතා කරන්න ඔබ දැනගත යුතුම පුංචි ටිප්ස් කිහිපයක්.

දරවලින් උයනවට වඩා අරපිරිමැස්මයි ලිට්රෝ ගෑස්වලින් උයන එක. ගෙදර තියෙන හොඳම මැස්ම අරපිරිමැස්ම කියලා ඉතිං ඕනම ගෘහණියක් දන්නවා. ඉතිං අද අපි ඔබට නැවත මතක් කරන්නෙ මේ වියදම් වැඩි කාලෙ කොහොමද ගෑස් ටික පිරිමහගන්නෙ කියලා. ගෑස් ලිප හැමවෙලේම සුළඟේ දිශාවට ප්‍රතිවිරුද්ධව තියාගන. එවිට දැල්ල ඉවත යන්නේ නෑ. ගෑස් එකේ නිල් පාට දැල්ලෙන් තමයි ඔබේ ආහාර පිසීම කාර්‍යක්ෂම වෙන්නෙ. ඒ නිසා නිල් පාට දැල්ල ගැන සැලකිල්ලෙන් ඉන්න. කහ දැල්ලක් වැඩිපූර නිකුත් වෙනවා නම් ගෑස් උඳුනේ ඇති වා කවූළු නැවත සකසා  නිල් දැල්ලක් ලබාගන්න  කහ දැල්ලේ තාප ශක්තිය නිල් දැල්ලට වඩා ගොඩක් අඩු නිසා කෑම පිසීම කාර්‍යක්ෂම වන්නෙ නෑ. 

අනෙක් අතට ගෑස් උඳුන නිතරම පිරිසිදුව තබාගන්න ඕන.  උඳුනේ දැල්ල පිටවන සිදුරු කුණූ රොඩූවලින් වැහිලා ගියාමත් ගෑස් දහනය අකාර්යකෂම වෙනවා. ඒ නිසා ගෑස් පිටවන සිදුරු නිතර පිරිසිදු කරන්න. එමෙන්ම එම සිදුරු විශාල වී ඇත්නම් හෝ කැඞී බිඳී ඇති විට එම කොටස (බර්නරය) අලූතින් සවි කරන්නත් අපේ ගෘහණියො මතක තියා ගන්න ඕන.

ඒ වගේම උඳුනට සරිලන බඳුන් භාවිත කරන්නත් ඕන. පීඩන උඳුන් (Pressure Cooker) භාවිතයෙන් ඉතා අඩුම කාලයකදි අඩුම ගෑස් ප්‍රමාණයකින් පීසීම සිදු කළ හැකියි. ඒ වගේම ආහාර බඳුන හා දැල්ල අතර අවම පරතරයක් තබා ගන්න.මැටි බඳුන් යොදාගෙන ආහාර පිසිනවා නම් ගෑස් උඳුන් සඳහාම නිපදවූ විශේෂ මැටි වළං භාවිත කරන්නත් වග බලාගන්න ඕන. මොකද ගෑස් ව ලං ඉතා තුනීවට හදන නිසා ඉක්මනට රත් වෙනවා. 

ගෑස් සිලින්ඩරයේ සිට උඳුන කරා ගෑස් ගෙන යන නලය පළුදු වී ඇත්දැයි නිරතුරුවම පරීක්ෂාවෙන් සිටීමත් හරිම වැදගත්. එම නලය උඳුනට හරියාකාරව සම්බන්ධ වී ඇත්දැයි නිරීක්ෂණය කරන්න. සිලින්ඩරය මාරු කරන සෑම අවස්ථාවකදීම, රෙගි‍යුලේටරය නිසියාකාරයෙන් තිබේදැයි බලන්න.ගෑස් උඳුන දැල්වෙන අවස්ථාවේ ගෑස් සුවඳ වහනය වේ නම් වහාම උඳුන අලුත්වැඩියා කළ යුතුයි. එසේ නොවුණහොත් ගෑස් නිකරුණේ අපතේ යන එක තමයි වෙන්නෙ.

ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්, පාරිභෝගිකයන් වෙනුවෙන් ලිට්රෝ ගෑස් මිලේ වැඩිවීමක් නෑ.


මාසික ගෑස් මිල සංශෝධනයට අනුව පෙබරවාරි මස ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම දන්වා සිටිනවා. එහි සභාපති චන්න ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ජනතාවට සහන සැලසීමේ අරමුණින් ලිට්රෝ ගෑස් ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකිරීමට තීරණය කල බවයි.


ජනවාරි මාසයේදී ජාත්‍යන්තරයේ LP ගෑස් මිල වැඩි වුවද පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.


ඒ අනුව ජනවාරි මාසයේ පැවති මිල ගණන් පෙබරවාරි මාසයටද අදාල වේ. 12.5kg සිලින්ඩරයක් රුපියල් 3690ක්, 5kg සිලින්ඩරයක් 1482ක්, 2.3kg සිලින්ඩරයක් 694ක් ලෙස මිල සටහන් වෙයි.





විදුලිය භාවිතයෙන් ගෑස් පිසිනවාට වඩා එල්.පී.ගෑස් භාවිතා කිරීමේ වාසි.


ආහාර පිසීමේ ක්‍රියාවලිය සඳහා ලෝකයේ බහුතරයක් දෙනා විවිධ ක්‍රම උපායන් භාවිතා කරයි.ඒ විවිධ ක්‍රම අතරින් ඉතාමත් ලාභදායී ක්‍රමය ලෙස බහුතරයක් දෙනා පිළිගන්නේ ඒවගේම භාවිතා කරන්නේ එල්.පී.ගෑස් ශක්ති ප්‍රභවයයි.

ඒ අතරින් තවත් සමහරක් දෙනා විදුලිය භාවිතයෙන් ද ආහාර පිසීම සිදු කරයි. නමුත් මේ විවිධ ක්‍රම වලට අමතරව එල්.පී ගෑස් භාවිතා කිරීමේදී එය අනෙකුත් ක්‍රමවලට වඩා වාසිදායක තත්ත්වයක් වන්නේ කෙසේද යන්න පිළිබඳව තමයි මේ පැහැදිලි කිරීමට සුදානම.

★ විදුලියෙන් ආහාර පිසීමේදී ඔබ වෑංජන කීපයක් පිස ගන්නා අවස්ථාවන්වලදී අධික විදුලි ඒකක ප්‍රමාණයක් වැය වීම සිදුවේ.ඒ වෙනුවෙන් ඔබට විශාල මුදලක් දැරීමටද සිදුවේ.නමුත් එල්පී ගෑස් භාවිතා කිරීමෙන් වෑංජන කීපයක් එකවර පිස ගැනීමේදී ඔබට වැය වෙනුවෙන් ඉතාමත් සීමිත ගෑස් ප්‍රමාණයක් පමණයි. එම නිසා විදුලියෙන් ආහාර පිසිනවාට වඩා එල්පී ගෑස් භාවිතා කර ආහාර පිසීමේදී ඉතාමත් ලාභදායී ආකාරයෙන් අඩු මිලක් යටතේ එය සිදු කර ගැනීමට ඔබට හැකියාව ලැබේ.

★ විදුලියෙන් ආහාර පිසීම සඳහා භාවිතා කරන විදුලි උඳුන් ආහාර පිසීමට ප්‍රථම රත් කිරීමට සිදුවීම නිසා ඒ වෙනුවෙන්ද ඔබට යම්කිසි කාල වේලාවක් ගතවේ. එවිට ඉතාමත් ඉක්මනින් ආහාර පිසීම සඳහා අවශ්‍ය වුවද ඔබට යම්කිසි කාල වේලාවක් ගත කිරීමට සිදුවේ.නමුත් එල්පී ගෑස් භාවිතා කිරීමේදී ඔබට අවශ්‍ය මොහොතක උඳුන දැල්වූ පමණින්ම නිසි උෂ්ණත්වයක් යටතේ ආහාර පිස ගැනීමට හැකියාව ලැබේ.ඒ තුලින් අවම වේලාවකින් වැඩි කාර්යක්ෂමතාවයක් යටතේ ඔබේ අවශ්‍යතාවය ඉටු කර ගැනීමට හැකියාව ලැබේ.

★  ආරක්‍ෂාව පිළිබඳව සැලකිල්ලක් දක්වනවිට විදුලියට සවිකර තිබෙන විදුලි උදුන් ආරක්ෂාව අතින් අවම අගයක් ගනියි.රත් වූ විදුලි උඳුන යම් කිසි කෙනෙක් ස්පර්ශ කළොත් එය විශාල අනතුරකට වුවද ලක්විය හැකිි අවස්ථාවක් විය හැකියි.එමෙන්ම අහිතකර කාලගුණික තත්ත්වයක් යටතේ වුවද විදුලි උඳුනක් විදුලියට සම්බන්ධ කර ආහාර පිසීම සිදු කිරීම සිදු නොකළ යුත්තක්.නමුත් එල්.පී භාවිතා කිරීමේදී අහිතකර කාලගුණික තත්ත්වයක් යටතේ වුවද  ඔබට ආහාර පිසීම ඉතාමත් ලේසියෙන් හෝ පහසුවෙන් සිදුකර ගැනීමට හැකියි.එමෙන්ම නිසි ආකාරයෙන් මෙසේ ප්‍රමිතියෙන් වෙළඳපළට පැමිණෙන නිසා ඒ තුළින් සිදුවිය හැකි අනතුරු ඉතාමත් සීමිතයි.

★ බොහෝ දෙනා ආහාර පිසීමේදී ආහාරවල රසය පිළිබඳව සැලකිල්ලක් දක්වයි.විදුලි උඳුනක ආහාර පිසීමේදී බහුතරයක් දෙනා ආහාරවල රසය අඩු බවත් එහි ගුණාත්මක තත්ත්වය විනාශ වන බවත් සඳහන් කරයි.නමුත් එල්පී ගෑස් භාවිතා කිරීමේදී කිසිදු වෙනසකින් තොරව ඉතාමත් රසවත් ගුණදායී ආහාර වේලක රසය විඳීමටත් හැකියාව ලැබේ.

ඉතින් මෙවැනි කරුණු පිළිබඳව අවධානය යොමු කිරීමේදී ඉතාමත් සුදුසු යෝග්‍ය ක්‍රමය වනුයේ එල්.පී ගෑස් භාවිතා කිරීමෙන් ආහාර පිසීමේ ක්‍රමයයි. එවැනි වාසි දායක තත්ත්වයන් සඳහා ඔබත් අදම එල්.පී ගෑස් භාවිතා කිරීමට  තීරණය කරන්න.

ලිට්රෝ සමාගමෙන් නිවේදනයක්, පාරිභෝගිකයන් වෙනුවෙන් ලිට්රෝ ගෑස් මිලේ වැඩිවීමක් නෑ.

 

මාසික ගෑස් මිල සංශෝධනයට අනුව ජනවාරි මස ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම දන්වා සිටිනවා. එහි සභාපති චන්න ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මනා තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණ කටයුතු සාර්ථකව සිදු කල බැවින් සහන සැලසීමට හැකි වූ බවයි.

ජනවාරි මාසයේදී ජාත්‍යන්තරයේ LP ගෑස් මිල වැඩි වුවද පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.


ඒ අනුව 2024 දෙසැම්බර් මාසයේ පැවති මිල ගණන් 2025 ජනවාරි මාසයටද අදාල වේ. 12.5kg සිලින්ඩරයක් රුපියල් 3690ක්, 5kg සිලින්ඩරයක් 1482ක්, 2.3kg සිලින්ඩරයක් 694ක් ලෙස මිල සටහන් වෙයි.





ගින්නක් නොමැතිව ගෑස් කාන්දු වීමක් සිදුවුවහොත් ඔබ වහා ක්‍රියාත්මක විය යුතු ආකාරය.


ගින්නක් නොමැතිව සිදුවන ගෑස් කාන්දුවද ඉතා අවදානම් තත්ත්වයකි. කුස්සියෙන් පිටත කාමරවලට ද ගෑස් ගන්ධය දැනේ නම්, තත්ත්වය ඔබ දත යුතු ය.

ගින්නක් ඇතිවෙන්න අවශ්‍යතා තුනක් සම්පූර්ණ වෙන්න අවශ්‍යයි. 'ෆයර් ට්‍රයෑන්ගල්' (ගිනි ත්‍රිකෝණය) 

1. ඔක්සිජන් , 
2. ඉන්ධනයක් , 
3. පුළිඟුවක්.

ගෑස් ගන්දයක් සමඟින් ලීක් එක්ක ඇතිවූ අවස්ථා වලදී, නිවාස ඇතුලේ අනිවාර්යෙන්ම ඔක්සිජන් තියෙනවා, ගෙයි ගෑස් පිරිලා තියෙනවා, ගිනි ත්‍රිකෝණය සම්පූර්ණ වෙන්න අඩුවෙන්නේ ස්පාක් එකක් විතරයි. ඒ නිසා ස්පක් එකක් (පුළිඟුවක්) ඇති නොවෙන්න කටයුතු කල යුතුයි.

ගෑස් ගන්ධයක් දැනුණු විට පුළිඟු ඇතිවීම වළකාලීම සඳහා ඔබ නොකළ යුතු දේ කීපයකි:

1. ගෑස් කාන්දුව තුළ ජංගම දුරකතන භාවිතය සපුරා තහනම් ය. ජංගම දුරකතනවල ටච් පෑඩය භාවිතා කළත්, බොත්තම් එබුවත්, එහි පරිපථ තුළ අපට නොපෙනෙන පුළිඟුවක් නිපදවේ. දුරකතනය තුළට ගෑස් ඇතුළුවී තිබුණහොත් ගිනි ත්‍රිකෝණය එතැනින් ඇරඹීමට ඉඩ තිබේ.

2. ප්‍රධාන ස්විචය ඇතුළු කිසිම අන්දමක විදුලි ස්විචයක් "ඕන්" කිරීමෙන් හෝ "ඕෆ්" කිරීමෙන් වැළකිය යුතු ය.

3. නිවෙසේ කුඩා දරුවන්, ගැබිණි කාන්තාවන්, ආබාධිත පුද්ගලයින් හෝ මහලු පුද්ගලයින් වෙසේ නම් ඔවුන් ගෑස් ගන්ධය නොදැනෙන සීමාවකට ගෙනගොස්, ගෑස් කාන්දුව ඇති ස්ථානයට යළි නොපැමිණෙන්නට වග බලාගත යුතු ය.

4. කිසිවෙකුගෙන් හෝ උදව් ලබාගැනීමට අවශ්‍ය නම් ගෑස් කාන්දුවෙන් ඈතට යෑමෙන් පසු පමණක් ඔබේ ජංගම දුරකතනය භාවිතා කළ යුතු ය.
5. ගෑස් කාන්දුව සහිත සීමාවේ ඇති යතුරුපැදි ද ඇතුළු කිසිදු වාහනයක් පණ ගැන්වීමෙන් වැළකිය යුතු ය.
6. දොර ජනෙල් ඉතා සෙමින් විවර කිරීමෙන් පසු පමණක් මුළුතැන්ගෙයට ගොස්, ගෑස් සිලින්ඩරය රේගියුලේටරයෙන් ඕෆ් කළ යුතු ය.
7. ගෑස් කාන්දුවක් වළකාගැනීමට ඇති හොඳම ක්‍රමය වන්නේ අපි සාමාන්‍යයෙන් විදුලි පහන් නිවා දමන්නා, දොර ජනෙල් වසා දමන්නා සේම, සෑම ආහාර වේලක් පිසීමෙන්ම අනතුරුව හෝ, අවම වශයෙන් රාත්‍රී ආහාර වේල පිසීමෙන් පසුව ගෑස් සිලින්ඩරය රේගියුලේටරයෙන් ඕෆ්කර දැමීමයි. 

ආරක්ෂාකාරීව මනා දනුවත්විමකින් කටයුතු කිරීම තුලින් ඔබෙත් ලබැදියන්ගේත් ආරක්ෂාව සහතික කරගන්න.

ලිට්රෝ සමාගමෙන් ජනතාවට සහනයක්, මිල වැඩි වීමක් නොවන බවට සහතිකයක්.


මාසික ගෑස් මිල සංශෝධනයට අනුව දෙසැම්බර් මස ලිට්රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව එම සමාගම දන්වා සිටිනවා. එහි සභාපති චන්න ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මනා තොග කළමනාකරණය සහ මෙහෙයුම් කළමනාකරණ කටයුතු සාර්ථකව සිදු කල බැවින් සහන සැලසීමට හැකි වූ බවයි. සාමාන්‍යයෙන් සෑම අවුරුද්දකම දෙසැම්බර් මාසයේ සීත ඍතුව එළඹීමත්,උත්සව සාමය උදාවීමත් නිසා මුළු ලෝකයේම ගෑස් ඉල්ලුම විශාල ලෙසින් ඉහල යන අතර මිල සුතරයට අනුව ගෑස් මිල ඉහල යාම අපේක්ෂා කිරීමට පුලුවන්. නමුත් මෙවන් උත්සව කාල වකවානුවක වුවද ගෑස් මිල ඉහළයාම ලිට්රෝ සමගම දරාගනිමින් පාරිභෝගිකයාට සහනයක් ලබාදීමටයි ලිට්රෝ සමාගම කටයුතුකර තිබෙන්නේ. දෙසැම්බර් මාසයේදී ජාත්‍යන්තරයේ LP ගෑස් මිල වැඩි වුවද, පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ඒ අනුව නොවැම්බර් මාසයේ පැවති මිල ගණන් දෙසැම්බර් මාසයටද අදාල වේ. 12.5kg සිලින්ඩරයක් රුපියල් 3690ක්, 5kg සිලින්ඩරයක් 1482ක්, 2.3kg සිලින්ඩරයක් 694ක් ලෙස මිල සටහන් වෙයි.





අද ගෑස් මිල සංශෝධනයක්.


ලෝක වෙළෙඳපලේ LP ගෑස් මිල වැඩි වීමක් සිදු වී ඇති බව අපිට දකින්න පුළුවන්. ඒ හා සමගාමිව අපේ රටෙත් සාමාන්‍ය පරිදි මිල සංශෝධයක් සෑම මසකම මුල සිදුවෙනවා.

ලිට්‍රෝ සමාගම පැවසුවේ, දෙසැම්බර් මාසයට අදාල මිළ සංශෝධනය අද (02) දිනයේ ප්‍රකාශයට පත්කරන බවයි. කෙසේ වෙතත්, පසුගිය මාසයේ ගෑස් මිල සංශෝධනයක් නොවූ අතර, අවසන් වරට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනයක් වූයේ ඔක්තොම්බර් මාසයේදී ය. ඒ අනුව, කිලෝග්‍රෑම් 12.5 ගැස් සිලින්ඩරයක මිල රුපියල් 3690ක් ලෙසයි අවසන් වරට සටහන් වුනේ.

DON'T MISS

Nature, Health, Fitness
LNN © all rights reserved
made with Peoples by LNN